|
Written by Administrator
|
|
Wednesday, 15 May 2013 15:51 |
|
රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේ කදවුර

විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මෙහෙයවනු ලබන රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේ කදවුර මෙවරද ජුනි මස 05වන දින රාත්‍රියේදී විද්‍යාල භූමියේදී පැවැත්වේ. මේ සදහා සම්පත් පුද්ගල දායකත්වය ලෙස ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගි වීමට නියමිතය. මෙහි පූර්ණ සම්බන්ධීකාරත්වය ඉංග්‍රීසි මාධ්‍ය අංශ ප්‍රධාන මනෝරි උපාලිකා මහත්මිය විසිනි |
|
Last Updated on Friday, 17 May 2013 14:51 |
|
|
Written by Administrator
|
|
Monday, 06 May 2013 15:33 |
|
වෙසක් ශීල භාවනා වැඩසටහන 2013
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය වෙසක් ශීල භාවනා වැඩසටහන මෙවරද 6 - 13 ශ්‍රේණි දූ දරුවන් හා ගුරු භවතුන්ගේ සහභාගිත්වයෙන් මැයි මස 22 බදාදා දින විද්‍යාලයේදී පවත්වන අතර පෙරවරු 7.00 ට සිල් වැඩසටහන ආරම්භ වන අතර පස්වරු 2.00 සිල් පවාරණය සිදු කරනු ලබයි. මෙම වැඩසටහන සදහා ගරුතර සංඝරත්නය වැඩම කරලීම විද්‍යාලයීය දෙමාපිය ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා ගුරු භවතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලබන අතර ස්වාමීන්වහන්සේලා හතලිස්නමක් පමණ වැඩමකරලීමට නියමිතය. සෑම පංති කාමරයක් සදහාම එක් ස්වාමීන්වහන්සෙ නමක් වැඩම කරළීමට නියමිත අතර එදින එම ස්වාමීන්වහන්සේලා අරඹයා සාංඝික දානමය පුන්‍යකර්මය විද්‍යාලයීය ගුරුමණ්ඩලය විසින් සිදු කරනු ලබයි.
මේ සදහා වන පංති නියෝජිත රැස්වීම 2013 මැයි මස 08 වන දින පෙරවරු 8.00 විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වී |
|
Written by Administrator
|
|
Saturday, 27 April 2013 09:19 |
|
අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව හැදෑරීම සදහා සුදුසුකම් පරීක්ෂා කිරීම
අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව හැදෑරීම සදහා සිසු දරු දැරියන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම මෙන්ම එම විෂයධාරාවන් පිලිබදව දෙමාපියන් දැනුවත් කිරීමේ රැස්වීමක් 2013 මැයි මස 02 වන දින පෙරවරු 9.30 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන බැවින් මේ වන විට සුදුසුකම් සපුරා ඇති දූ දරුවන් හට කැදවීම් ලිපි තැපැල් කර ඇත. ලිපි ලද මෙම විද්‍යාලයේ දූ දරුවන් අදාල දිනයේදී පැමිණෙන ලෙස දන්වා සිටී. |
|
|
Written by Administrator
|
|
Tuesday, 30 April 2013 16:09 |
|
අ.පො.ස. ( උසස් පෙළ ) තාක්ෂණ අංශය
අ.පො.ස. ( උසස් පෙළ ) අංශය සදහා අළුතින් හදුන්වා දෙන "තාක්ෂණ අංශය " හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ 2013 වර්ෂයේ බදවා ගැනෙන උසස්පෙළ කණ්ඩායම සදහා ආරම්භ කෙරේ
මෙහි මූලික සුදුසුකම් ලෙස සම්මාන තුනක් සහිතව විෂයයන් 06 කින් සමත්වීම මෙන්ම ගණිතය හා විද්‍යාව විෂයයන් දෙකම සමත්ව තිබිය යුතුය.
මේ පිළිඹද වැඩිදුර දැනුවත් කිරීමේ රැස්වීමක් 2013 මැයි මස 02 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පෙරවරු 9.00 ට පැවැත්වෙන බැවින් මේ සදහා උනන්දුවක් දක්වන දෙමාපියන් ට හා දරුවන්ට ආරාධනා කරනු ලැබේ. |
|
Written by Administrator
|
|
Monday, 22 April 2013 15:22 |
|
විදුහල් මාතාව දිදුලවන්නෝ
මෙවර අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයට මෙම විද්‍යාලයෙන් ඉදිරිපත් වූ දූ පුතුන් තිදෙනෙකු ඔවුනගේ දක්ෂ තාවයන් මැනවින් පිළිබිඹු කරමින් ඉදිරිපත් වූ විෂයයන් සියල්ලම සදහා A සාමාර්ථ ලබා ගනිමින් විද්‍යාලයීය නාමය පුංචි ලංකාව තුල දිදුලවන්නට ඔවුනට හැකිවිය. ඔවුන් නමින් අමිල නිසංසල ලියනගේ , හරින්ජලි එරන්දිකා එක්නැලිගොඩ සහ හිරුෂි නවෝද්‍යා නම් විය.
අමිල නිසංසල ලියනගේ
1996 නොවැම්බර් මස 28 දින උපත ලද ඔහු තිදෙනෙකුගෙන් යුතු පව්ලේ වැඩිමලා විය.මෙවර අ.පො.ස. සා/ පෙළ විභාගයට ඉදිරිපත්වූ ඔහු A සාමාර්ථ් 9 ක් ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත් කර දෙනු ලැබීය.අමිල නිසංසල ලියනගේ විද්‍යාලයීය විවාද කණ්ඩායමේ නායකයාද විය. විද්‍යා ගණිත දැනුම මිනුම තරගාවලි මෙන්ම ඔලිම්පියාඩ් සහ රතු කුරුස තරගාවලි සදහාද ඉදිරිපත් වෙමින් ජයග්‍රහණ අත් කර ගනු ලැබීය. ඔහු 2011 හෝමාගම අධ්‍යාපන කොට්ඨාස කථික තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබීය. රටට දැයට සේවය කරනු වස් ඔහුගේ අනාගත අභිප්‍රාය වනුයේ ඉංජිනේරුවරයකු වීමය. අපි ඔහුට සුභ පතමු.
හරින්ජලි එරන්දිකා එක්නැලිගොඩ
1996 ජනවාරි මස 10 දින උපත ලබමින් සිය පවුලේ එකම දරුවාද විය. 2012 වසරේදී අ.පො.ස. සා / පෙළ විභාගය සදහා ඉදිරිපත්වෙමින්ම් මෙම දියණියද A සාමාර්ථ 9 ක් ලබා ගනු ලැබීය 2010 වසරේ සිට විද්‍යාලයීය ශිෂ්‍ය නායක කණ්ඩායමේ සාමාජිකයකුද විය.පසු ගිය වසර තුන තුල විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා තරග සදහා විවිධ ඉසව්වන් සදහා සහභාගි වෙමින් සිය නිවාසය සදහා ජයග්‍රහණ අත්කර දෙනු ලැබීය. ශාන්ත ජෝන ගිලන් රථ සේවයේ කැපී පෙනෙන සාමාජිකාවකද විය. හෝමාගම අධ්‍යාපන කළාපය තුල පවත්වනු ලැබූ වාණිජ දැනුම මිනුම තරගාවලියේ කළාපීය ප්‍රථම ස්ථානය ද හිමිකරගන්නා ලදී. වෛද්‍යවරියක වීම මැයගේ අනාගත බලාපොරොත්තුව වන අතර ඇයගේ සාර්ථක අධ්‍යාපන ගමන සදහා මෙසේ සුපැතුම් එක්කරන්නෙමු.
කේ.ඩී. හිරුෂි නවෝද්‍යා
1996 ජුනි මස 16 වන දින උපත ලද කුඩාගේ දෝන හිරුෂි නවෝද්‍යා තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. මැයද 2012 වසරේදි අ.පො.ස. සා / පෙළ විභාගයට ඉදිරිපත්වෙමින් A සාමාර්ථ 9 ක් ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්කර දෙනු ලැබීය. ජයග්‍රහණ රැසක හිමිකාරිත්වය දරණ මැය විද්‍යාලයීය මාධ ඒකකයේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගේන් නිවේදන කටයුතු සිදුකරමින් සිටී. 2010 වසරේ සිට ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකත්වයද දරණු ලබයි.පසුගිය වසර කිහිපය තුල විද්‍යාලයීය වොලිබෝල් සහ නෙට්බෝල් කණ්ඩායම්හි නිත්‍ය සාමාජිකාවකි.සිය දක්ෂතාවයන් මනාව පිලිබිඹු කරමින් කොට්ඨාස කළාප සහ පළාත් ඉංග්‍රීසි තරග සදහා විද්‍යාලය නියෝජනය කරමින් ජයග්‍රහණ ලබා ගනු ලැබීය. 2011 වසරේදී පළාත් ඉංග්‍රීසි භාෂා තරගාවලියේදී Recitation අංශයෙන් බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මැය සමස්ථ ලංකා තරගාවලිය දක්වා සුදුසුකම් ලැබීය.විශ්ව විද්‍යාලයීය කථිකාචාර්ය වරයකු වීමෙ අනාගත බලාපොරොත්තුව අතැතිව ඉදිරි අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන හිරුෂි දියණියනි ඔබට අපගේ සුභ පැතුම්
|
|
Last Updated on Monday, 22 April 2013 16:13 |
|
|
|
|
|
|
Page 1 of 30 |